‘පව්ව Tattoos‘ කෙටීම ගැන ලංකාවේ අපිට තිබෙන්නේ මොන වගේ අදහසක ද ? මගේ මතකයට එනවා දැනට දශක කිහිපයකට පෙර පච්ච ගැන ලංකාවේ ජනප්‍රිය කතා කිහිපයක්.
‘එක මිනිහෙක්ට (ඒ කාලේ පච්ච කොටා ගත්තේ චණ්ඩි කියලා තමයි කියන්නේ) ඕනෑ වුණාලු තමන්ගේ පපුවේ ‘මරුවා සමග වාසේ‘ කියලා පච්චයක් කොටා ගන්න. ඒත් පච්ච කොට මිනිහා අතින් පොඩි වැරැද්දක් සිද්ධ වුණාලු. මිනිහා පච්චය කොටලා තියෙන්නේ ‘අම්මා සමග වාසේ‘ කියලලු‘
කොහොම වුණත් ඒ කාලේ චණ්ඩි විවිධාකාරයේ පච්ච කොටා ගෙන තිබුණා කියලා තමයි කියන්නේ. ඒ නිසා පච්ච කොටපු මිනිස්සු දිහා සමාජය බැලුවේ වපර ඇසින්. කොටින්ම අපරාධකාරයෙක් දිහා බලන විදිහටලු.
කොහොම වුණත් දැන් ඒ යුගය පහුවෙලා බොහෝ දුර ඇවිත්. ලංකාවෙත් පච්ච සුලභයි. විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර ඒක දැන් ‘කලාවක්‘ වෙලා. ඒත් තාමත් පච්ච දිහා බලන්නේ කිසියම් චකිතයක් එක්ක කියලා තමයි කියන්න වෙන්නේ. මොකද පච්ච ගැන පරම්පරා ගණනක් තිබුණ අදහස පහසුවෙන් යටපත් කරන්න බැහැ.
විශේෂයෙන් පච්චයක් කොටා ගත්ත තරුණියක් දිනා ධනාත්මකව බලන්න බොහෝ දෙනකුට බැහැ.
ඒ ලංකාවනේ. දැන් අපි කතා කරන්නේ මේ කොදෙව්වෙන් පිට ලෝකය ගැන. බොහෝ බටහිර සමාජ දෙස බලන කොට ඔවුන්ගෙන් 5/1ක් පච්ච කොටා ගෙන තිබෙනවා කියලා ඇතැම් වාර්තාවල කියනවා. ඔවුන්ට අනුව පච්චයක් කොටා ගැනීම, නැතිනම් ඇද ගැනීම සංකීර්ණ සන්නිවේදන ක්‍රියාවලියක්. (අතීතයෙත් මෙයම තමයි සිදු වුණේ) ඒ වගේම අපූරු ශරීර අලංකාර ශෛලියක්. මෝස්තරක්.
අපි මේ ගැන විශේෂඥ කතාවක් ගැන අවධානය යොමු කරමුද ?
‘පච්ච කොටා ගැනීම කලාවකි, ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔබේ ශරීරය අලංකාර කිරීමට ක්‍රමයකි. පච්ච කොටා ගැනීමේ ශෛලීන් රාශියක් ඇති අතර ඒ සෑම එකක්ම තමන්ගේම ඉතිහාසයක් ඇත. මේ දිනවල සෑම පුද්ගලයින් 5/1කට අවම වශයෙන් එක් පච්චයක් වත් ඇති බව පෙනේ.
ඒ නිසා තවදුරටත් “ඔබ වයසින් මුහුකුරා ගිය විට ඔබ ඒ ගැන පසුතැවෙනු ඇත” හෝ “ඔබ වයස්ගත වූ විට ඔබ කොටා ගත් පච්චවල පෙනුම කෙසේදැයි සිතා බලන්න” වැනි දේවල් අපට තවමත් අසන්නට ලැබීම තරමක් අවුල් සහගතය.
ඒත් මේ ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබේ. අප මහලු වූ විට අප කිසිවෙකු එක හා සමාන නොවේ. සම රැළි වැටී, කැළැල් ඇති වන අතර අපගේ හිසකෙස් අළු පැහැයට හැරේ. වයසට යාමේ ස්වභාවය එයයි.
ඒත් එසේ සිතන්න සියලුම දෙනාම කැමති නැත. විවිධ හේතු නිසා තරුණ වියේදී පච්ච කොටා ගැනීමට නොහැකි වූ බොහෝ දෙනෙක් වියපත් වූ විට පච්ච කොටා ගැනීමට පුදුමාකාර උනන්දුවක් දක්වන බව පෙනේ. අප ඔබට ඒ ගැන සාක්ෂි සහිතව තහවුරු කිරීමට සූදානම්ය.
1. ඔබට දැන් ශෛලිය පිළිබඳ හැඟීමක් තිබේ නම්, ඔබ වයසින් මුහුකුරා ගිය විට ඔබට ශෛලිය පිළිබඳ හැඟීමක් ඇති වේ. පච්ච කොටා ගන්නේ එම සමස්ත රූපයට පමණි.

2. හිසකෙස සුදුවීම ගැන ගණන් ගන්න එපා. එය ස්වභාවික ක්‍රියාවලියකි. වයසට යන සියලුම දෙනාට ඒ අත්දැකීමට මුහුණ දීමට සිදුවේ. නමුත් පච්ච කොටා ගැනීමෙන් ඔබ වෙනත් සම්ප්‍රදායික සීයාලාගෙන් සහ අත්තම්මලාගෙන් සුවිශේෂී කොට පෙන්වනු ඇත. ‘ෂා මගේ සීයා හරිම ස්මාර්ට්‘ ඔවුන් පවසනු ඇත. බලන්න බොරුද කියා ?

3. මුහුණ පුද්ගලයකුගේ අනන්‍යතාවයේ ප්‍රකාශනයයි. ඔබ ඔබම වෙන්නේ මුහුණ නිසාය. ඒ නිසා බොහෝ තරුණයින් කොතරම් ධෛර්ය සම්පන්න වුව ද මුහුණට අත තැබීමට බියවෙති. ඒත් වයසට ගිය විට ඒ ගැන බියක් නැත. ඔබේ මුහුණ දෙස බලා ඔබව වටහා ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නැත. එ නිසා මුහුණට එක්වන සුන්දර පච්චයක් අලුත් අභිමානයක් සහ පෞරුෂයක් එක්කරනු ඇත. බලන්න මේ මුහුණු දිහා…. පච්ච කොටා ගැනීමේ තේරීම ගැන මේ පුද්ගලයාට පසුතැවීමක් නැත.

4. මේ තරම් සුන්දර ඇදුමක් ඇදගෙන සිටින සීයා කෙනෙක් ඔබට සිටියොත් කොතරම් අපූරුද ?

5. ඔබ සැමවිටම ඔබේ පච්ච ලෝකයට ප්‍රදර්ශනය කළ යුතු නැත. මෙම සීයා දෙස බලන්න. සම්පුර්ණයෙන්ම ඇඳ පැළඳ සිටින විට ඔහු සිරුර පුරා පච්ච කොටා ඇති බව ඔබ කිසි විටෙකත් අනුමාන නොකරන බව සහතිකය.

6. පච්ච කොටා ගත හැකි මහලු මිනිසුන්ට පච්ච කොටා ගැනීම පහසුවෙන් කළ හැකි බවට තවත් උදාහරණයක්. නමුත් අපි ඔට්ටු අල්ලන්නේ අත්තම්මා ඔවුන් දෙස යළි යළිත් නොබැලුවොත් පුදුමයක් බවයි. ‘අනේ ඩාලිං ඇයි ඔයා ඒ කාලේ මෙහෙම හිටියේ නැත්තේ ? ඇය අසන බව අපට සිතෙනවා.

7. පච්චවලින් හැඩ වුණු වියපත් කාන්තාවන් ගැන කතා කරන විට එය සුන්දර අදහසකි. ඒ බවට අපට ද වැටහුණේ පච්ච කොටා ගත් වියපත් කාන්තාවන් කිහිපදෙනෙකු හමුවූ විටය. මේ වගේ ආච්චි කෙනෙක් එක්ක යාළු වෙන්න අකමැති කවුද?

8. පච්ච කොටාගත් වයෝවෘද්ධ යුවළයන් ගැන කතා කිරීම තවත් අපූරු කතා එකතුවකි. පච්ච කොටන සාප්පුවක දී ඔවුන් ප්‍රථම වරට හමුවීම, නව පච්චයක් ලබා ගැනීම ගැන සිතන්න. එය තවත් යුගයක ඇරඹුමකි.

9. මෙම වැඩිහිටි මහත්වරුන් දෙදෙනා ඊටත් වඩා ඉදිරියට ගොස් ඇත. බලන්න දැන් ඔවුන්ව නතර කරන්න කවුද ඉන්නේ ?

10. පච්ච කොටා ගැනීම සහ වයසට යාම මේ දිනවල තව දුරටත් සිතා සිතා කල්මැරිය යුතු දෙයක් නොවේ. එය තවදුරටත් බන්ධනාගාර හෝ අපරාධ අතීතය සමඟ සම්බන්ධ නැත. ඔබ සැමට ආකර්ෂණීය පෙනුමක් ඇති පච්ච කොටා ගත හැකිය. එය තවත් අපූරු අවසන් අත්දැකීමක් ද විය හැකිය.එනිසා පමා නොවන්න…

සැකසුම – තුෂාධවි