76 වැනි වියෙහි පසුවන රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ස්ටීව් වයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.ස්ටීව් වයින් ඇමෙරිකානු කැසිනෝ ව්‍යාපාරයේද ප්‍රබල චරිතයක් වන අතර ප්‍රකොටිපති ව්‍යාපාරිකයෙකි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙළි කරන ආකාරයට මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සම්බාහන යුවතියකට යැවූ කෙටි පණිවුඩ මෙන්ම, සිය කාර්ය මණ්ඩල සේවිකාවකට තමන් සමග එක්වන ලෙස බල කිරීම යන චෝදනා අනාවරණය වී ඇති අතර රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපති ධුරය දරන රෝනා මැක්ඩැනියෙල් ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්, ඔහුගේ ඉල්ලා අස්වීම භාරගත් බවයි.