හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 30කට වඩා පැරැණි සඳුන්ගස ඉතා හොඳින් වැඩීතිබූ බවත් මුල වට අඩි 04ක් පමණ වන බවත් සැකකරුවන් සොයා හල්දුම්මුල්ල පොලීසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් පොලිසීය ප්‍රකාශ කරයි.