ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!

ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!
Spread the love

දස්කම් දක්වන අපූරු හැකියාවන්ගෙන් යුත් දරුවන් අප ශ්‍රී ලංකාවට අඩුවක් නැත. ඉතාමත් අඩු වයසින් එවැනි දස්කමක් කළ , ගිනස් වාර්තා පොතට පොතෙහි පවා සිය නම රැන්දු එවන් දරුවෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ නම් පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවාය.

සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම ශ්‍රී ලාංකික දරුවා “Junk Food” නැමති ඉංගී්‍රසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

තනුවක සේරසිංහ දරුවා සිය මවු පියන් සමග ඊයේ (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළේය.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,