දිනපතාම අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක් බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත.
මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18) රාත්රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.

