නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි. ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ පොලිස් නිලධාරී (26166) ලියනගේ මහතාට දන්වා ඇති බවත් පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාළ කාන්තාව දකුණු කළුතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමාට සිදුවූ අතවරය පිළිබඳව ප්රකාශයක් ලබා දී තිබේ.
පොලිස් නිලධාරියාට තර්ජනය කළේ ඇයිදැයි විනිසුරුවරිය විමසූ විට ඒ පිළිබඳව සමාව අයැදින බව සැකකරු අධිකරණයේදී ප්රකාශ කළේය.
අධිකරණය හමුවට පමුණවනු ලැබු සැකකරුවකු පෙබරවාරි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්රධාන මහේස්ත්රාත් භාරතී විජේරත්න මහත්මිය නියම කළාය.
සැකකරුට එරෙහිව මීට පෙර කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් පැවැති අතර සැකකරු මෙදින අධිකරණයට පැමිණ ඇත්තේ නිකරුණේය.