වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!
Spread the love

වසර 151 කට පසු සුපිරි නීල චන්ද්‍රයා සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ විරල අවස්ථාවක් ලෝක වාසීන්ට හිමි වී තිබෙනවා.

ඒ මෙම මස 31 වනදාට බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න පවසනවා.

අවසන් වරට මෙවැනි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෝක වාසීන්ට දැක ගැනීමට හැකි වුයේ වසර 1866 දී බවයි කොළඹ විශ්ව විද්‍යාලය පවසන්නේ.

සුපිරි නීල චන්ද්‍රයා මෙම මස 31 වනදාට යෙදී ඇති පොහොය දිනයේ රාත්‍රී කාලයේ දී ඉතාමත් දීප්තිමත් ලෙස නිරක්ෂණය කළ හැකි බවත් ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීමට පහත නිවේදනය කියවන්න.