ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (09) නියෝග කර ඇත.
මෙම විත්තිකරුවනට අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන වගන්ති යටතේ අධි චෝදනා ගොනු කර ඇති අතර 2012 සහ 2014 අතර කාලය තුළ මොවුන් මෙම ඡෝදනා වලට වගකිව යුතුව ඇත.
