කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)
Spread the love

පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.

මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ඇය විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ මෙලෙස පැමිණිලි සටහන් කර ඇති අතර මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමටද කටයුතු කර ඇත.

ඇයට මෙම සිද්ධියට මුහුණ පෑමට සිදුවූයේ ඇයගේ සේවාදායකයා වන වසීර් අහමඩ් නැමැත්තාගේ නඩු කටයුත්තකදීය. එම සිද්ධි දාමය ගැන පසුගිය දිනවලදී මාධ්‍ය වලින් හා සමාජ ජාලා වල ඉතා දැඩි කතාබහකට ලක්වී තිබූ අතර ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයකම පලවූ පුවත් ඇසුරින් එම සිද්ධි දාමය ගැන පලවූ ලිපියක කොටසක් පහතින් උපුටා දක්වන අතර පසුගිය 9 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී හෆ්සා මහත්මියට සිදුවූ පහර දීම හා තරජණය කිරීම ගැන ඇයගෙන් දුරකථනයෙන් විමසූ විට ඇය ලබා දුන් පළිතුරේ හඩපටය මේ සමග ඉදිරිපත් කර ඇත.

“යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.

අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිබවයි.

ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.

ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.

මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.

අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.”

උපුටා ගැනීම අවසානයි…  අදාල සිද්ධිය සම්බන්ධව නීතීඥ හෆ්සා සමග සිදුවූ දුරකතන සංවාදය පහතින්

නීතීඥ ෆාතිමා හෆ්සා සියල්ල හෙළිකරයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්යණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

Posted by Supiri Gossip on Sunday, February 11, 2018