උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු
Spread the love

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ප්‍රංශ රජය විසින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට මේ වන විට නිකුත් වී තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිස් මූලස්තානය වෙ‍ත දන්වා සිටියේය.

ඒ අනුව ඉන්ටපොල් එක  ඊයේ(13) උදයංග වීරතුංග වෙනුවෙන් නිකුත් කර තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කොට ඇති බව සඳහන් වේ.

මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින උදයංග දැනට අබුඩාබි රාජ්‍යයට පලාගොස් සිටින අතර ඉදිරි සතිය වන විට ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අන්තර්ජාතික පොලිස් මූලස්තානය විසින් මෙරටට දැනුම් දී ඇති අතර