ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා
Spread the love
රාජකීය අවශ්‍යතා සඳහා යොදාගත් මීට වසර 800කට පෙර යුගයේ ‍ශෛලමය ජල බේසම් පිළිබඳව වූ එකම සාක්ෂිය මෙසේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳදමා විනාශ කිරීම අති මහත් කණගාටුවට කරුණකි.මෙම ජල බේසම අනාරක්ෂිත තත්වයක තිබෙන බවට පසුගිය කාලය පුරාවට නොයෙක් පුවත් පත් සහ වෙබ් අඩවි වාර්ථා කර තිබුණත් මෙය විනාශ වනතුරු මධ්‍යම සංස්කෘතික අරමුද‍ලලේ නිළධාරීන් හා පුරාවිද්‍යා නිළධාරීන් නිදා සිටීම කණාටුවකි.
රාජකීය උද්‍යානය තුළ මෙවැනි ජල බේසමක් දක්නට ලැබෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් තාම හෙළිදරව් කරගෙන නොමැති යුගයක මේ අපූරු නිර්මාණය විනාශවීමට ඉඩහැරීම අපේ ඉතිහාසය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක්දැයි සැක කරන බව පොළොන්නරුවේ උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වත්හු කියා සිටී.
‍පොළොන්නරුව යුගයට අයත් සේ සැලකෙන මෙම ජල බේසම අඩි පහක් දිග අඩි 4ක් පළල හා අඩි 3ක් උස සියුම් ගල් කැටයමින් අලංකාර කළ ශෛලමය බේසමකි. රාජකීය උද්‍යානයේ කෙළිදෙලෙන් දුව පැන ඇවිදින කුමර කුමරියන් නැහැවීම සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන මෙම ජල බේසම බඳු ජල බේසම් දෙකක් ඇළහැර බුදුරුවගල කුමාර ඇල්ල ප්‍රදේශයේද දැකිය හැකි අතර ඉන් එකක් සම්පූර්ණයෙන් විනාශ කර ඇත.
මේ පිළිබඳව ලක්බිම පුවත්පත ‍පොළොන්නරුව පුරාවිද්‍යා කලාප භාර නිලධාරිනි තනුජා අමරතුංග මහත්මියගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඓතිහාසික ‍පොළොන්නරුව වටදාගෙය සමීපයේ රාජකීය උද්‍යානයේ පිහිටි මෙම ඉපැරණි ජල බේසම කඩා දමා කියා අපට (17) වාර්තා වුණා. මෙවන් ජල බේසම් කිසිදු තැනක දකින්න නැහැ. කුමාර ඇල්‍ලේ තිබෙන ජල බේසම් හැර. ඒ තරම් වැදගත් හා වටිනා උරුමයක් තමයි මේ කුළුගෙඩියකින් හරි මොකකින් හරි ගහලා කඩලා තියෙන්නේ. අපි මේ ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට වාර්තා කළා. ‍පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ‍පොළොන්නරුව පුරාවිද්‍යා ස්මාරක වලට මේ සිදුවන විනාශකාරී ක්‍රියා නවත්වන්න මැදිහත් වීමක් අවශ්‍යයි යයි පිළිතුරක් ලැබී ඇත.
කෙසේ වෙතත් ‍පොළොන්නරුවේ ප්‍රදේශවාසීන් කියන්නේ ඊට යාර කිහිපයකට මෙපිට සංස්කෘතික අරමුද‍ලේ මුරකුටියක් පවා තිබියදී මෙසේ ජල බේසම විනාශ කර ඇති බවයි.