දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ
Spread the love
පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ. 
සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි.දැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු පවසති.