රාජ්‍ය ආයතනයක නොසැලිකිලිමත්බව නිසා මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැකි අවස්තාවක් පිළිබදව සුපිරි ගොසිප් අපට වාර්තා වෙනවා.
ඒ මහජනතාව හැදුනුම්පත් ආදි ලේඛන සාදා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන ඡායාරූප , උප්පැන්න සහතික ආදීය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ අනාරක්ෂිත ලෙස තැන්පත් කිරීම හේතුවෙන්.
මෙම ලිපි ලේඛන එම ආපන ශාලාවට පැමිණෙන ඕනෑම අයෙකුට ලබා ගත හැකි වන අයුරින් ගබඩා කර තැබීම නිසා. උප්පැන්න සහතික , ග්‍රාම සේව සහතික , පොලිස් සහතික හා ඡායාරූප ඇතුලු ලියකිවිලි මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන අතර එම ලියකියවිලි පුද්ගලයෙකුගේ පෞද්ගලික ලිපි ලේඛන නිසා ඒවා අස්ථානගත වීම පෞද්ගලිකත්වයට බලපාන ගැටලුවක් විය හැකියි.
එම ආපනශාලාවේ ලිපිලේඛන තැන්පත් කර තිබෙන අයුරු,
මේ පිළිබදව සමාජජාලා ක්‍රියාකාරීන් පිරිසක් සකස් කළ විඩීයෝව පහතින් ,

