පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා
Spread the love

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වැනි දා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පස්වරු 03.00ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියෝ ප්‍රකාශ කළහ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ  අපවත් වනවිට 80 වියේ පසු විය.

අද පස්වරු 03.00ට නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහර පේරාදෙනිය ශ්‍රී සාරානන්ද පිරිවෙන බලා නික්මෙන අතර, හෙට (21) උදෑසන දේහය අනුරාධපුරයේ ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත වැඩම කරවනු ලබයි.