විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට
Spread the love

රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද (23දා) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.