කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට
Spread the love

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරිම ලබන 26 වනදා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ අයදුම්පත් නිකුත් කිරිම ලබන මාර්තු මස 02 වනදායින් අවසන් වන බවයි.

අදාළ අයදුම්පත් නිකුත් කිරිම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18කදී පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ සිදු කරන බව සඳහන්ය.

ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණැගල, මහනුවර, රත්නපුර, වව්නියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, තංගල්ල, සහන පියස, පන්නිපිටිය යන ප්‍රදේශවල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන මගින් ලබා ගත හැකි වේ.

මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පරිඝණක ආශ්‍රිතව පැවැත්වෙන අතර මෙවර විභාගය මගින් නිෂ්පාදන සහ ඉදිකිරිම් යන රැකියා ක්ෂේත්‍ර සඳහා පුද්ගලයින් තෝරා ගනු ලබන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඉදිරිකිරිම් ක්ෂේත්‍ර සඳහා වන තරඟ විභාගය මාර්තු මස 19 වනදා සිට මැයි මස 04 වන දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා වන විභාගය මැයි 25 වනදා සිට ඔක්තෝබර් 05 දක්වා පැවැත්වෙන බව එම කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේය.