මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…
Spread the love
රහතන්වහන්සේ නමකගේ යැයි සැක කෙරෙන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක්විසින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇතැයි සඳහන්.
එම ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බවයි කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව  දියසේන හිමියන් පවසා ඇත්තේ.
පාත්‍රය අතැතිව අහස දෙස බලා සිටින රහතන්වහන්සේ නමක් මින් පිලිඹිඹු වෙයි.