බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති
Spread the love

දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස්රථ ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස්හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්ත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි  වුවත් භූමිතෙල් භාවිතා කිරීම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටස්වලට යන වියදම පියවාගත හැකි බැවින‍් බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යානුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක්ද අවශ්‍ය නොවන බවත් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) කියා සිටියේය.