බැඳුම්කර හොරකමේ මූලික සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල (කුරියර් සේවය) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.