ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ 29 හැවිරිදි ලුයිස් පෙරේස් නැමති පුද්ගලයා එම ප්‍රාන්තයේ ප්‍රධාන මහා මාර්ගයක බීමතින් අසුපිට නැගී ගමන් කරමින් සිටියදී අධිවේගී මාර්ග රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර තිබේ.
අසාමාන්‍ය ලෙස ප්‍රධාන මහා මාර්ගයක අශ්වයෙකු පිට නැගී පුද්ගලයෙකු ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ පොලීසිය ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී, ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට වැටහී ඇති අතර, පසුව සිදුකළ මත්පැන් පරීක්ෂාවේදී සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක ඇල්කොහොල් මාත්‍රාවක් ඔහුගේ රුධිරයේ පැවති බවද පොලීසිය කියයි.
සාමාන්‍යයෙන් බීමතින් මෝටර් රථයක් ධාවනය කර පොලීසියට අසුවූ අවස්ථාවක මෝටර් රථයද පොලීසියට රැගෙන ගියත්, මෙම සිදුවීම සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයාගේ මව වෙත ඔහු පැමිණි අශ්වයා භාරදීමට පොලීසිය කටයුතු කර ඇති අතර මෙම සිදුවීමෙන් ඔහුට විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බව පවසන පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙනි.
එහිදී, පොලීසිය පවසා තිබුණේ “ඔබට මහා මාර්ගයක නිකරුණේ අසුන් පැදීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම, බීමතින් එවැන්නක් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ” යනුවෙනි.මෙවැනි ක්‍රියාවන් සිදුකිරීමෙන් ඔබේ ජීවිතය, ඔබේ සුරතලාගේ ජීවිතය මෙන්ම, මාර්ගයේ යන අන් අයගේ ජීවිතත් අනතුරට ලක් නොකරන ලෙසද පොලීසිය එම ඡායාරූප පළ කරමින් පවසා තිබුණි.