වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති පාසල් සිසුවෙක්.
පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.
ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27) පෙරවරුවේ හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පෙන්වා දෙනවා.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.