රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..

රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..
Spread the love
රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පතුරවා හරිමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

වෙබ් අඩවියක හා ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ එම ප්‍රචාරය සිදුව ඇති බවයි සංස්ථාව පවසන්නේ. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් එම අසත්‍ය ප්‍රචාර පතුරවනු ඇති බවයි සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතින බැවින් මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව පවසනවා.