දියතලාව ප්රදේශයේදී බස් රථයක ඉකුත් දා පුපුරා ගිය අත්බෝම්බය රැගෙන ආ බව කියන හමුදා සාමාජිකයා මේ වනවිට පියවි සිහියට පැමිණෙමින් ඇතැයි රෝහල් ආරංචි පවසනවා.
තුවාල ලැබූ මෙම හමුදා සාමාජිකයා ප්රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි.
පසුව ඔහු බණ්ඩාරවෙල රෝහලට මාරු කෙරුණා.
තවදුරටත් ඔහු ප්රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි. කෙසේ වෙතත් ඔහු සිටින තත්ත්වයෙන් ලබා දුන් යම් ප්රකාශයක් පොලීසිය විසින් සටහන් කර ගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා.