අල්ලන්න අල්ලන්න නැවත පටන් ගන්නා ගණිකා ජාවාරමක් මෙවර යොවුන් නිලියක් එක්ක මාට්ටු..

අල්ලන්න අල්ලන්න නැවත පටන් ගන්නා ගණිකා ජාවාරමක් මෙවර යොවුන් නිලියක් එක්ක මාට්ටු..
Spread the love
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල වැලි පාරහි පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්, වැලිකඩ පොලිසිය විසින් ඊයේ (26) රාත්‍රියේ වටලා තිබෙනවා. ජනප්‍රිය යොවුන් නිලියක්ද ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් අට දෙනකු මෙහිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මධ්‍යස්ථානයේ කලමණාකරු ලෙස සේවය කළ පුද්ගලයාද අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලැබුවා. 

වැලිකඩ පොලිසියට ලැබුණු තොරතුරක්මත, වැලිකට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලගේ උපදෙස් මත, වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානය වටලා තිබෙනවා. 

මෙම ගණිකා මධ්‍යස්ථානය තමන්ගේ එදිනෙදා ජීවිතයටද බාධාවක් බව ප්‍රදේශවාසීන්ද පවසනවා. අවස්ථා ගණනාවකදී මෙම ස්ථානය වටලා කාන්තාවන් සහ කලමණාකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවද නැවතත් මෙම ස්ථානයේම අදාල ජාවාරම කරගෙන යන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ