සිංහල ජාතිය වඳ වෙනවනම් කරන්න ඕන දේවල් ගැන සමන්තබද්‍ර හිමිගෙන් ප්‍රකාශයක්..!

සිංහල ජාතිය වඳ වෙනවනම් කරන්න ඕන දේවල් ගැන සමන්තබද්‍ර හිමිගෙන් ප්‍රකාශයක්..!
Spread the love

සිංහල ජාතිය වඳ වන්නේ නම් ජෛන චින්තනයට තිත තබා සංස්කෘති සම්ප්‍රදායවල් වලට නොබැඳුණු මහා බෞද්ධ චින්‍තනයක් ගොඩනැංවිය යුතු බව අරහත් ශ්‍රී සමන්තබද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. 

“සිංහල ජාතිය දුර්වල වෙනවා කියලා අන්‍ය ජාතීන්ට දොස් කියලා, ඊර්ෂියා කරලා වැඩක් නෑ. සිංහල ජාතිය ශක්තිමත් කිරීමට නම් කල හැක්කේ ක්‍රම දෙකක් තුලින්. ඒ ජාතිය ඥානවන්ත කිරීම සහ ධනවත් කිරීම.

ජාතිය ඥානවන්ත කරන්න හාමුදුරුවරු ජන්දේ ඉල්ලලා හරියන්නේ නෑ.  මිනිසුන්ට අලුත් විදිහට නිදහසේ හිතන්න පුරුදු කරන්න ඕන. හැමදාමත් ඔලිගෙඩි වල තියන් ඉන්න සාම්ප්‍රදායික චින්තනය බිමින් තියලා අලුතින් ලෝකය දකින්න පුරුදු කරන්න.

අනිත්‍යයි අනිත්‍යයි කියලා කඬා වැටෙන්න නෙමෙයි. අනිත්‍ය නිසාම සතුටින් ලස්සනට  ඉන්න ඕන. 

අලුතින් හිතන ජාතියයි ධනවත් වෙන්නේ. 

එහෙම නැත්නම් මේ ජෛන සංකල්ප වලටම ගෙවිලා ගිහින් අවුරුදු 100ක් යන්න කලින් ජාතිය වඳ වෙලා යනවා”  යනුවෙන් උන් වහන්සේ දේශනා කර තිබේ.