පෙත්තක් මගින් පිරිමි වඳ කළ හැකි ද? රටම බලා සිටි වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙන්න..

පෙත්තක් මගින් පිරිමි වඳ කළ හැකි ද? රටම බලා සිටි වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙන්න..
Spread the love
අම්පාර ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග සමාජයේ කථා බහට ලක්වූ වඳ පෙති සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු අද අදහස් පළ කළා.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ  (02) පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී අදහස් දැක්වූ ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියා සිටියේ විද්‍යාත්මකව බැලීමේ දී එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකු වඳ භාවයට පත්කිරිමේ හැකියාවක් නොමැති බවයි.

එවැනි අවස්ථාවන් වෛද්‍ය විද්‍යාවේ හමුවී නොමැති නමුත් මෙම සිද්ධිය බැහැර කිරිමේ හැකියාව ද නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධයනයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ ඞී පී රත්නසිරිද මෙහිදී අදහස් පළ කළා. කාන්තාවන් ගැබ්ගැනීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රම පැවැතියද එය තාවකාලික ක්‍රම බවත් එම ක්‍රිම ඔස්සේ ස්ථීර වඳ භාවයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

පිරිමි පුද්ගලයෙකු වඳ භාවයට පත්කිරිමේ කිසිදු පෙත්තක් වෛද්‍ය විද්‍යාවට අනුව නොමැති බවත් වාසෙක්ටමි ක්‍රමය අනුව නාලය අවහිර කිරිමක් කිරිමෙන් පිරිමි පුද්ගලයෙකු වඳ භාවයට පත්කළ හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේ නොමැතිව පිරිමි පුද්ගලයෙකු පෙත්තක් භාවිත කිරිමෙන් වඳ භාවයට පත් කළ නොහැකි බවයි ඔහු තවදුරටක් කියා සිටියේ.