අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..

අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..
Spread the love
මේ දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක්ව ඇති අම්පාර, කාසිම් හෝටලයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වුණා.
ඒ හෝටල් හෝටලය තුළ සේවකයකු සමග අතිවන කතාබහක් සහ පොලිසිය සමග ඇතිවන බහින්බස් වීමකි.

එම හෝටලයේ සේවය කරන ලද සිංහල තරුණයකුගේ යැයි පවසන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා.

තමා හෙට්ටිගේ දිමුත් චතුරංග බවත්, කාසිම් හෝටලයේ වේටර් වරයකු ලෙස වසරක් පමණ සේවය කළ බවත් ඔහු පවසනවා.

තමන් සිද්ධියට අදාල පුද්ගලයාය මස්හොදි රැගෙන ඒමට කුස්සියට ගොස් පැමිණි අවස්ථාවේ ඔහුගේ පිඟානෙන් කසියම් දෙයක් රැගෙන පෙන්වූ බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් මෙම තරුණයා එම හෝටලයේ සේවය කරන ලද පුද්ගලයකුමදැයි නිල වශයෙන් තහවුරුව නැත. අදාල පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ මුහුණ අපැහැදිළිවනසේ මෙම වීඩියෝව සංස්කරණය කර ඇත.