රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් වන අතරශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි හම ආරංචි වල වැඩිදුරටත් සඳහන් වේ.
මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්‍රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසන අතරඅගමැති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එසේ නොකරන්නේ නම්, පුළුල් කැබිනට් මණ්ඩල සංශෝධනයක් කළ යුතු බව මෙම කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය. එහිදී මාසයක කාලයක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.
නමුත් බලාපොරොත්තු වූ පරිදි එම සංශෝධනය සිදු නොවූ අතර ඔළු ගෙඩි මාරුවීමක් පමණක් වූ බැවිනුත් ජනාධිපතිවරයා ඉල්ලා සිටි මාසයක කාලයෙන් මේ වන විට සති දෙකක් පමණ ගතවී තිබෙන බවත් ඉදිරි සතිදෙක තුළදී සාධනීය පිළිතුරක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවටශ්‍රීලනිපයේ ආණ්ඩුව නියෝජනය කරන දොළොස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් කටයුතු කරනු ඇතැයි එම ආරංචි වල තව දුරටත් සඳහන් වේ.