” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!

” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!
Spread the love

ආපනශාලාවල ආහාර ප්‍රමිතිය පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා.

මේ අතර අම්පාර ප්‍රදේශයේ හෝටයක සිදුවූ සිදුවීමක් රටේම අවදානය දිනා ගත්තා.

මේ අතර රෝහල් ඉදිරිපිට නොමිලයේ ආහාර ලබා දෙන සංවිධානයක් පිළිබදව සොයා බලන ලෙස සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මාධ්‍යයට පවසනවා. 

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල් අසල මෙම ක්‍රියාවලිය සිදුවන බව ඔහු ප්‍රකාශ කරනවා .

මෙම නොමිලේ ලබාදෙන ආහාර සහ වෑංජන සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට ලක්‌කළ යුතු යෑයිද ඔහු පවසනවා.

සිදුවීම පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වන ජාතික සංවිධායකවරයා පවසා සිටියේ මෙලෙසින් , 

“කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට්‌ එකක්‌ දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක්‌ නැහැ.

මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා.

මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි.

ඒ වගේම මේ ස්‌ථාන වල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතුයි…”

 “දැන් මේ නොමිලේ ආහාර ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද?

මේවායින් ශරීරයට හානියක්‌ නැද්ද? යන්න රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌.

දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල් වල සායන වලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. 

ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑමකනවා.

ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුල් මස්‌, හරස්‌ මස්‌ මාළු, එළවළු යනාදිය තියෙනවා.

මේවායේ තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න.

එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා.

කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා”