සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර

සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර
Spread the love

සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් රජයෙන් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන හා පුනාවර්ථන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනාවර්තන වියදම් මෙසේ ලබාදීමට නියමිත වන අතර සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ  කමිටු වාර්තාව අනුව රජය මෙම තීරණය ගෙන තිබේ.