සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා අනියම් බිරිදට කරපු දේ මෙන්න…

සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා අනියම් බිරිදට කරපු දේ මෙන්න…
Spread the love

අනියම් සම්බන්ධය නතර කිරීමත් ඒ බවට පොලිසියට පැමිණිලි කිරීමත් සම්බන්ධයෙන් කෝපයට පත් පුද්ගලයකු අනියම් බිරියට අතින් පහරදී තුවාල සිදු කොට ඇගේ කොණ්‌ඩය කපා දැමීමේ සිද්ධියක්‌ ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි.
 
 මෙකී පුද්ගලයා බොහෝ කලක සිට විවාහක කාන්තාවක්‌ සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. එකී සම්බන්ධය විවාහක කාන්තාවගේ සැමියාට ආරංචි වීමත් සමඟ ඔහු බිරිඳට කරුණු කාරණා අවබෝධ කරදීමෙන් පසු ඇය අනියම් සම්බන්ධය නතර කරන බවට සැමියාට පොරොන්දුවී ඇතැයි පොලිසිය කීය. ඒ බව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පැවසේ.
 
 මින් කෝපයට පත් අනියම් සැමියා යතුරුපැදියකින් කාන්තාවගේ නිවස ඉදිරිපිටට ගොස්‌ ඇයව නිවසේ සිට පාරට ඇදගෙන විත් අතින් පයින් පහරදී රැගෙන ආ කතුරකින් ඇගේ කොණ්‌ඩය කපා ඇති බව පොලිසියට කීය. 
 
 පහර කෑමෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
 
 සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. වසන්ත කුමාර මහතාගේ උපදෙස්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කෙරිණි.