අනියම් පෙමට වහ වැටි අවුරුදු 10ක දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට..

අනියම් පෙමට වහ වැටි අවුරුදු 10ක දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට..
Spread the love

අවුරුදු 10 ක්‌ වූ බාලවයස්‌කාර දැරියක්‌ බරපතළ ලෙස අතවරයකට ලක්‌ කිරීමේ චෝදනාව යටතේ එම දැරියගේ මවගේ අනියම් සැමියා යෑයි පවසන (අවු. 35) විවාහකයකු අලව්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් ආර්. කේ. ආර්. ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
 
 පාසල් වේලාවෙන් පසුව පාසලේ පැවැති ශිෂ්‍යත්ව පංතියකට සහභාගි වූ දැරිය නිවසට කැඳවා ගෙන ඒමට යතුරුපැදියෙන් ගොස්‌ ඇති සැකකරු එම දැරිවිය යතුරුපැදියේ නංවාගෙන නිවසට පැමිණෙන අතර ප්‍රදේශයේ අතහැර දමා ඇති අන්නාසි වගා බිමකට කැඳවා ගෙන ගොස්‌ අතවරයක්‌ සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.
 
 දැරිවිය නිවසට කැඳවාගෙන ඒමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට දැරියගේ මව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමේදී එම ඇමතුම් විසන්ධි කිරීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ට දන්වා ඒ පිළිබඳ සොයා බැලීමට යැමේදී ප.ව. 5.00 ට පමණ දැරිවිය යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති අතර ප්‍රමාද වීමට හේතුව දැරියගෙන් විමසීමේදී සිද්ධිය පිළිබඳව ඇය පවසා තිබේ.
 
 මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ දැරිවියගේ නිවස අවට පදිංචි අසල්වාසීන් 119 හදිසි ඇමතුම් මාර්ගය ලබාදුන් ඇමතුමක්‌ මත ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට සැකකාර පුද්ගලයා නිවස තුළදී කොටු කර ගැනීමට හැකිව තිබේ.
 
 විවාහකයකු වන අත්අඩංගුවට ගත් සැකකරු දැරියගේ මවගේ අනියම් සැමියා ලෙස ඔවුන් පදිංචි නිවසේම පදිංචිව සිටී.
 
 සැකකරු විසින් අතවරය සිදු කළ බව කියන බාල වයස්‌කාර දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට යොමු කර තිබෙන බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.
 
 අලව්ව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. ටියුඩර් අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ සහ මග පෙන්වීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ ඉදිරියට පැවැත්වේ.