ජනප්‍රියම තරුව සුමිරක අදීප… ජන මතය පරදා 60% විනිසුරුවන්ගේ තීරණයෙන් කිරුල රොවෙන් අර්ල්ට.

ජනප්‍රියම තරුව සුමිරක අදීප… ජන මතය පරදා  60% විනිසුරුවන්ගේ තීරණයෙන් කිරුල රොවෙන් අර්ල්ට.
Spread the love

සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගයේදී එස්.එම්.එස් මනාපයෙන් ජනප්‍රියතම තරුව බවට පත්වෙද්දී 60% විනිසුරු මතවාදයෙන් සමස්ත තරගයේ කිරුළ දිනා ගැනීමට රොවෙන් අර්ල් සමත් විය.

ඒ, රත්මලාන ස්ටයින් මැදිරියේදී 10 දින රාත්‍රියේ පැවති අවසාන මහා තරගයේදීය.

තරගකරුවන් විශාල පිරිසක් අතුරින් මෙවර සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගයේ අවසන් මහා තරගයට රොවෙන් අර්ල් සමගින් සුදුසුකම් ලබා ගත්තේ ඉෂිණි තමෝද්‍යා, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි.

අවසන් මහා තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර උත්කර්ෂවත් අංග රැසකින් ද එය සමන්විත විය.