මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න
Spread the love

මහනුවර කලහාකරී සිද්ධියට මුල්වූ සිද්ධියක් වූ, රියදුරාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතියෙකු තෙල්දෙණිය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා.

එම ප‍්‍රකාශයට අනුව පහරදීමට ලක් වූ කුමාරසිංහ නමැති පුද්ගලයා අලුයම 1.00 පමණ අදාළ ඥාතියා හමුවීමට පැමිණ තිබෙනවා.

ඔහු මුණගැසී කුමාරසිංහ ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ හිසෙහි තුවාලයක් දක්නට ලැබුණු බවද අදාළ ඥාතියා පොලිසියට පවසා තිබෙනවා.

එහිදී තමන් කුමාරසිංහට පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මෙන්ම රෝහල්ගත වන ලෙස උපදෙස් ලබාදුන්න ද ඔහු එය ප‍්‍රතික්ෂේප කළ බවයි එම ඥාතියා ප‍්‍රකාශ කළේ.

පසුව කුමාරසිංහ තමන් පැදවූ ලොරි රථයේ සහයක සහ තවත් පුද්ගලයෙකු සමග පිටත්ව ගොස් ඇති අතර යළි අලූයම 2.00 පමණ දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට අසාධ්‍ය බව අදාළ ඥාතියාට ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන් කුමාරසිංහ සිටි ස්ථානයට ගිය බවද රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවද එම ඥාතියා පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන්. 

මේ අතර මියගිය කුමාරසිංහ නමැත්තාට කිසියම් පිරිසක් පහරදී තිබුණේ ඔහු සේවය කළ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදීමයි. එහෙත් ඔහු මුදා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සිටි කිසිවෙකුත් කටයුතු කර නොමැති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.