පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තමන්ට වාසි දායක ලෙස කටයුතු කර ගැනීම සඳහා හම්බෙගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු හම්බෙගමුව පොලිස් ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට රුපියල් විසිපන්දහසක අල්ලස් මුදලක් ලබාදීමට ගත් උත්සාහයේදී එම ස්ථානාධිපති වරයා විසින් පොලීසියේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අදාල දේශපාලනඥයා අත්අඩංගුවට ගත් පුවතක් පසුගියා දා වාර්ථා විය.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‌ෂා කරගෙන තම රාජකාරිය අකුරට ඉෂ්ට කළ මෙම පොලිස් නිළධාරියාව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇල්පිටිය මූලස්‌ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.
මෙම අවංක නිළධාරියා මෙසේ මාරුකර යෑවීම පිළිබඳව හම්බෙගමුව ජනතාව විමතිය පළ කර සිටින අතර අවංක නිළධාරියෙකට පොලීසියේ අත්වන්නේ මෙවන් ඉරණමක් නම් රටවැසියන්ට අත්වන්නේ කවර ඉරණමක්ද යන්න හිතාබැලිය යුතුම කරුණක් බව ඔවුන් අසා සිටී.