අවුරුදු 15 මාස 08 පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් තම නිවසට කැඳවා ගෙන ගිය යුද හමුදා සෙබළකු සමඟ එම පාසල් ශිෂ්‍යාව පොලිස් හදිසි ඇමතුම් (119) අංකයට ලද ඇමැතුමකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
වර්තාවන අන්දමට එම සිද්ධිය මෙසේය. හමුදා සෙබළාගේ සහෝදරියක් සහ පාසල් ශිෂ්‍යාවගේ සහෝදරියක් පැල්වත්ත ප්‍රදේශයේ විවාහකරගෙන පදිංචිව සිටි. මෙම සහෝදරියන් දෙදෙනාගේ නිවෙස්වලට යන එන අතර වාරයේදී හමුදා සෙබළා සහ පාසල් ශිෂ්‍යාව දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වී ඇත. දෙදෙනාගේ ප්‍රේම කතාව දුරදිග යැමෙන් පසු ඉකුත් දෙසැම්බර් මාසයේ දිනකදී හමුදා සෙබළා විසින් පාසල් ශිෂ්‍යාව බුත්තල හෝටලයකට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇත. එම සිද්ධියෙන් පසු එම ශිෂ්‍යාවගේ පාසල් ගමනද නතර වී ඇත. ඉන්පසු හමුදා සෙබළා නිවාඩුවට ගමට පැමිණ අදාළ පාසල් ශිෂ්‍යාව ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත. ප්‍රදේශවාසීන් විසින් බාලවයස්කාර දැරියක් බිරිඳ වශයෙන් නිවසක තබාගෙන සිටින බවට 119 දුරකථනයට කළ දැනුම් දීමකට අනුව බුත්තල පොලිසිය මගින් හමුදා සෙබළා සහ පාසල් ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර හමුදා සෙබළා ඉකුත් 02 වැනි දින වැල්ලවාය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කෙරුණ අතර පාසල් ශිෂ්‍යාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොනරාගල මහ රෝහලට මාරුකර යවා ඇත.
මොනරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂිකා ඉමල්කා පොලිස් සැරයන් (28645) සරත් නාන්තා පොලිස් කොස්තපාල් (8270) ගයනි වැඩිදුර විමර්ශන සිදු කරති.
ආදරයෙන් බැදී අතවර කර බාල වයස් සිසුවියක නිවසේ බිරිද විදියට තබාගත් සෙබළා අත්අඩංගුවට…
