කාමාතුරයන් පිරිසකට තම 13 හැවිරිදි දියණිය කෙළසන්න අනුබල දුන් මවක් – මිත්තනියක් අත්අඩංගුවට..

කාමාතුරයන් පිරිසකට තම 13 හැවිරිදි දියණිය කෙළසන්න අනුබල දුන් මවක් – මිත්තනියක් අත්අඩංගුවට..
Spread the love
හතුන් හැවිරිදි දියණියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයින් පස්‌දෙනකු ජාතික ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මීට අමතරව ඊට ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තනිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. 
දැරිය අපයෝජනයට ලක්‌ කළ අය අතරේ පවුලේ ඥතීන් දෙදෙනකුද වන බවයි ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකය ප්‍රකාශ කර තිබෙන්නේ. 
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස්‌ ස්‌ථානයට වාර්තා වී තිබූ අතර පසුව වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව එහි වැඩිදුර විමර්ශන සිදු කිරීම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පවරා තිබෙනවා. 
මේ සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව මෙම මස 22 වැනිදා කැඳවීමට නියමිතයි.