මහමග ගමන් කරමින් සිටි කාන්තාවගේ කනට පහරදී ගෙල මිරිකා ඇය වැළඳගෙන ඇය ගෙල බැඳි පවුම් දෙකක් බරැති “රන්මාලය” කොල්ලකෑ අපරාධකරුවකු සහ ඔහුට සහය දැක්‌වූ තවත් පුද්ගලයෙකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කොට්‌ඨාශ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා කැබ්රථයකින් පැමිණ කුරුණෑගල ගැට්‌ටුවාන ප්‍රදේශයේදී මහමග ගමන් ගත් මෙම කාන්තාවට ඉහත අපරාධය කර පලාගොස් ඇති අතර
සිදුවීම සියෑසින් දුටු තරුණයෙක් අපරාධකරුවන් පලාගිය කැබ් රථයේ අංකය 119 අමතා සිදුවීම දැනුම් දී ඇත. ඒත් සමඟම වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන් බදුරාගල රෙග්ලන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සුවිශේෂම කරුණ වන්නේ පැමිණිලිකාරිය කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට තමන්ට සිදුවූ කරදරය පැමිණිලි කරන මොහොතේම ඇයගේ “රන්මාලය” පැහැරගත් කොල්ලකරුවන් ඇය ඉදිරියට රැගෙන ඒමයි.
සැකකරු මැද මහනුවර දොරලියද්ද ප්‍රදේශයේ පදිංචි එක්‌දරු පියෙකි. මොහුගේ සහයකයා සුරංජිත් නැමැත්තෙකි. මොවුන් දෙදෙනාට එරෙහිව දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රන් මාල කැඩීමේ සිදුවීම් සම්බන්ධව නඩු 3ක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අපරාධකරුවන් දෙදෙනා ගමන් ගත් කැබ්රථය කුරුණෑගල මූලස්‌ථාන පොලිස් පරිශ්‍රයේ රඳවා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියමිතය.