මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක් ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන් එක් හිමිනමක් අපවත් වී අනෙක් හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම විහාරස්‌ථානයේ වැඩවසන සාමනේර හිමිවරුන් දෙනමකි.
අනතුරින් අපවත් වී ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 16 හැවිරිදි තිස්‌සපුර සද්ධානන්ද හිමියන් වන අතර බරපතළ ලෙස තුවාල ලබා සිටි 14 හැවිරිදි අනෙක් සාමනේර හිමියන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි.
යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි
