පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…
Spread the love

තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ

පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.

ඉන් පරපතල ලැබූ ශ(ර්)මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (17) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.

මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.

සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.

මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි පහලින්.

තමීම් ෆාර්තිමා ශ(ර්)මිලා ඊයේ රෑ මිය ගියා.

අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.

අවුරුදු 18ක් වෙනකොට මාස හතක දරුවෙක් අතේ හිටපු.

මාස හතරක දරුවෙක් බඩේ හිටපු අහින්සක ශ(ර්)මිලා.

මේ කාලකන්නි ස්වාමි පුරුෂයා ගිය සිකුරාද ( 15) පුටුවකට තියල බැදලා ලාම්පු තෙල් දාලා ගිනි තිබ්බා.

දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශ(ර්)මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.

දරන්නම බැරි දේ තමයි.

“”මාව මරන්න දෙන්න එපා…….”” කියාගෙන පොලීසියට ආපු ශ(ර්)මිලා.

පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.

දරන්නම බැරි දේ තමයි.

“”අනේ මාව මරයි….මාව දික්කසාද කරල දෙන්න…..”” කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශ(ර්)මිලාව.

පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක.

දරන්නම බැරි දේ තමයි.

මේ කාලකන්නි සමාජය.

මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශ(ර්)මිලාගෙ තනියට හිටියෙ නෑ.

 

උපුටා ගැනීම –  www.TheTruth.lk වෙබ් අඩවියෙන්