ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස ගත් තීන්දුවක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
