හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි
Spread the love

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ලබාදුන් තොරතුරක සඳහන්ව ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තැනක එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළලන ලද රත්‍රං තොගයක්‌ ඇති බවයි.

පොලිසිය සෙසු ආරක්‌ෂක අංශ මේ පිළිබඳව දැනුවත් කොට මුලතිව් දිසා විනිසුරු එස්‌. ලෙනින් කුමාර් මහතාගෙන් ලබා ගත් අධිකරණ නියෝගයක්‌ මත විනිසුරුවරයා ඉදිරියේ මෙම රත්‍රං සෙවීමේ කැණීම් කටයුතු බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් සිදු කළත් විශාල වළක්‌ මිස රත්තරන් හමු වී නැති අතර එබැවින් කැණීම් කටයුතු නතර කරන ලදී.

පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විසින් මීට පෙර අවස්‌ථා දහයකදී පමණ වළලන ලද රත්‍රං ඇති බව කියන ස්‌ථාන ආරක්‌ෂක අංශවලට පෙන්වා දෙන ලද නමුත් ඒ කිසිදු ස්‌ථානයකින් රත්‍රං හමුවී නැත.