රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි නාමල් රාජපක්ෂ මහතාව මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.
කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.


