ලෝක උරුමයක් ලෙස නම්කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක් වන ශ්‍රී පාද රක්ෂිතයේ මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 04 කට ආසන්න කාලය තුළ වන්දනාව සඳහා පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා දෙපස ශ්‍රීපාද රක්‌ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස් ප්ලාස්‌ටික් බෝතල් ලක්‌ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් මුදාහැර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ, නල්ලතන්නිය කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයේ ස්‌ථාන භාර නිලධාරි ඒ.ඩබ්. හේමන්ත මහතා පැවසීය.
මෙම රක්‍ෂිතයට දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් කර ඇත. එහෙත් රක්‌ෂිතයට එම ඝන අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී ශ්‍රී පාදස්‌ථානය වන්දනාමාන කරන ලෙස වන්දනා සමය ආරම්භයේදීම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් වන්දනාකරුවන් දැනුම්වත් කර ඇතත් එම උපදෙස් පිළිනොපැද ඉතා අකාරුණික ලෙස ප්ලාස්‌ටික් පානීය ජල හා පැණි බීම හිස් බෝතල් මෙසේ බැහැර කර ඇත.
මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්
