ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට
Spread the love

රුපියල් එක්කෝටි  තිස් ලක්ෂයක් වටිනා  ස්වර්ණාභරණ  තම ගමන් මල්ලක සඟවාගෙන  සිංගප්පුරුවේ සිට පැමිණි  ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක  ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර  ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 02.366 කි.

 සැකකරු ග්‍රීන් චැනල් හරහා  ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.