“වසර ගණනාවක් බැලමෙහෙවර කල සුරතලාට කාලකණ්නි අමනුෂ්‍යයෙක් දීපු දඩුවම මෙන්න..

“වසර ගණනාවක් බැලමෙහෙවර කල සුරතලාට කාලකණ්නි අමනුෂ්‍යයෙක් දීපු දඩුවම මෙන්න..
Spread the love

මුහුණුපොතේ දකින්න ලැබෙන සමහර ඡායාරූප හදවත මොහොතකට නතර කරනවා.
ඒ තරමටම ඒ ඡායාරූප හිතට දැනෙනවා.
මේ ඒ විදිහේ ඡායාරූපයකට ලියැවුණු අපූරු සටහනක්…

පුංචි සන්දියේ සෙල්ලම් කරපු හැටී
මතකයි ඔබ සමග දුව පැන හිටිය හැටී
ඉල්ලුවේ ආදරය පමණයි ළඟ දැවටී
අද මං දැක්කේ ඔබගේ රළු හිතේ හැටී

මිනිසුන් නපුරු බව මං ඇසුවත් පෙරදා
නැහැ මං හිතුවේ ඔබ ඒ වාගෙයි කිසිදා
කිව්වා නම් යන්න කියලා ඔබ හැරදා
නැහැ මේ දුක විඳින්නේ නම් මා කිසිදා

මේසා දඬුවමක් දුන්නේ ඇයිද මට
දැනුනේ නැත්ද කිසිම දුකක් ඔය හිතට
ඔබගේ බත් පිඩක් කෑ ඒ වරදකට
ඇයි මා ඇදන් ගියේ මේ ලෙස මරැ කටට