පසුගිය දා ගුවන් හමුදාව විසින් එම මුලස්ථානයේ අවුරුදු පොලක් සංවිධානය කර තිබුනා. මේ සදහා ගුවන් හමුදාවේ ඉහල නිලධාරීන් රැසක් සහභාගී වුනු අතර ඔවුන්ගේ බිරින්දෑවරුත් මේ සදහා ආරාධනා ලැබ තිබුනා.නමුත් මේ වන විට සමාජ ජාල වල මෙහි එක ජායාරුපයක් ගොඩ දෙනෙක්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නම් ගොඩ දෙනෙක් නොයෙකුත් විවේචන එල්ල කර සිටියා.
මේ පිලිබදව සමාජ ජාල පරිශීලකයෙක් දැමු අපුරු හාස්‍ය ජනක සටහනක් ඇතුළු නොයෙක් දෙනා දැක් වූ අදහස් සහ ජායාරූප පහතින් නරඹන්න
ගුවන් හමුදා සෙබලා තමන්ගේ කාරුණික බව පෙන්වන මේ ඡායාරූපයට අපහාස නොකරන්න.
ගුවන් හමුදා අවුරුදු පොළට පැමිණි දෑසම අන්ධ අසරණ කාන්තාවකට මේ කුඩය අල්ලා පිහිට වන්නේ සෙබළෙකි. ඇය හදුනා නොගත් චර්මරෝගයකින්ද පෙලෙන අතර එම රෝගය නිසා ඇගේ සුමට සමට උණුසුම සිසිළස හෝ කිසිදු සංවේදිතාවක් නොදැනේ. ඒ අසංවේදී අසරණ කාන්තාව ගිණි අව්වෙන් මුදාගැනීමට වෘත්තීය සෙබලෙක් දිවි නොතකා කල කැපවීම අගයමු. නමෝ නමෝ තායේ. ( කියල හිතනකොටම නින්දෙන් ඇහැරුණා.) ඔව්..හමුදාවන් වලත් නිළදාරී පැලැන්තිය එක්තරා පන්තියක්.එන්ගලන්තේ රාජකීයන්ටත් වඩා ඇතැම් තැන්හි ඔවුන්ට ගෑවුන හත්මුතු පරම්පරාම සුවසේ ඉන්නා බැව් පෙන්නේ නෑ. ඒක පන්තිවල බිත්තිවලින්ම වැහිලා.මීට කලින් අර යූරෝපයේ ගායකයා සිංදුකියන ත්‍රිල් එකට බ්‍රෙසියර් එක ගලවලා වීසී කරපු දෝණීත් ඒ පන්තියේම තමා.











