දකුණු මුහුදේ ප්‍රසිද්ධ බීච් බෝයිස් + අප්‍රසිද්ධ Gay Sex මාෆියාව ගැන ඔබ නොදත් ඇත්ත මෙන්න…

දකුණු මුහුදේ ප්‍රසිද්ධ බීච් බෝයිස් + අප්‍රසිද්ධ Gay Sex මාෆියාව ගැන ඔබ නොදත් ඇත්ත මෙන්න…
Spread the love

සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මුහුදු තීරයේ ගැවසෙන ‘බීච් බෝයිස්ලාට’ එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන් පවා තර්ජන ආදියට ගොදුරු වන අවස්ථා තිබෙන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත අප්‍රියෙල් දාහත් වෙනි දින කොළඹ සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය කිරීමට කටයුතු නොකළොත් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙනු ඇතැයි එම මාධ්‍ය හමුවට එක්ව සිටි ජෝන් අමරතුංග සංචාරක අමාත්‍යවරයාට සහ පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

පසුගිය අටවැනිදා අලුයම මිරිස්ස ප්‍රදේශයේ දී විදේශික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීම සහ තවත් විදේශිකයකුට පහර දීම සම්බන්ධයෙන් සැක කෙරෙන හය දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ඉහත කී හමුවේ දී පොලිසිය ප්‍රකාශ කළ අතර තවත් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන් කෙරුණි.

ඊට අමතරව මිරිස්ස ප්‍රදේශයේ ‘surfing’ ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසකට පහර දීමක් ගැන පසුගිය පහළොස් වෙනිදා වාර්තා වූ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරෙමින් පවතින බවත් කියා සිටියේය.

දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උනවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණේ එකී ප්‍රදේශවල සැරිසරන ‘බීච් බෝයිස්’ යනුවෙන් හඳුන්වන තරුණයන්ටය.

සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රශාන්ස් බාන්ස් බීබීසියට අදහස් දක්වමින්, ඉහත කී කණ්ඩායම් සංචාරක මග පෙන්වන්නන්ට දකුණු මුහුදු තීරයේ ඇතැම් කලාපවලට ඇතුල්වීමට පවා ඉඩ නොදෙන බව සඳහන් කළේය.

විශේෂයෙන්ම ‘බීච් බෝයිස්ලාගෙන්’ සිදුවන හිරිහැර ගැන පැමිණිලි කිරීමට සංචාරකයන් උනන්දු නොවීම නිසා එම කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.