තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….
Spread the love

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා බොහෝ බක්මහ උළෙල සංවිධානය වී තිබුණා.

ඒ අතර තවත් එක් බක්මහ උළෙලක් සංවිධානය කළේ, තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින්.

ඒ අනුව පසුගිය (22) දවස පුරා ආගරපතන පොලිස් වසමට අයත් මෙම බක්මහ උළෙල පැවැත්වුනා.

බක් මහ උළෙලට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් හැද පැමිණ සිටි සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පැවසෙනවා.

එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ, අවුරුදු උත්සවය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ නැගණිය විසින් එලෙස බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය හැද සිටි බවයි.

මේ සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, අදාළ සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් වන බවයි.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.