“දෙදෙනාම විවාහකයි” බන්ධනාගාරය ඇතුලේම ජේලර්වරිය එක්ක ජේලර්වරයා පෙම් සුව විඳිද්දි මාට්ටු..

“දෙදෙනාම විවාහකයි” බන්ධනාගාරය ඇතුලේම ජේලර්වරිය එක්ක ජේලර්වරයා පෙම් සුව විඳිද්දි මාට්ටු..
Spread the love

මීගමුව බන්ධනාගාරයේ විවාහක කාන්තා නිලධාරිනියක හා විවාහක ජේලර්වරයකු විවේක කාමරයක්‌ තුළ රාජකාරී අවස්‌ථාවේ අනියම් පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රධාන ඡේලර්වරයාගේ අතටම හසු වූ සිදුවීමක් වාර්තා වෙනවා.
 
මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් බන්ධනාගාර මූලස්‌ථානය වාර්තාවක්‌ ඉල්ලා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කාලයක සිට පවතින මොවුන් දෙදෙනාගේ අනියම් පෙම නිසා මීගමුව බන්ධනාගාරයේ සෙසු බන්ධනාගාර නිලධාරිනියන් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් සදහන්
 
අනියම් ප්‍රේමය නිසා වරක්‌ විනය පරීක්‍ෂණයකටද මුහුණ දුන් මෙම දෙදෙනා තැන නොතැන නොබලා නිල ඇඳුම් පිටින්ම පෙම් සුව විඳීමට පුරුදුව සිටීම නිසා තමන්ට නිල ඇඳුම ඇඳගෙන සමාජය ඉදිරියට පවා යා නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි මීගමුව බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීහු පවසති.
 
තමන් ඒ පිළිබඳ බන්ධනාගාර ප්‍රධානීන්ට කොතෙක්‌ පැමිණිලි කළ ද මේ දක්‌වා දෙපාර්තමේන්තුව ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගත් බව ද ඔවුන් පවසා තිබුනා.